පිතිකරුවන්ට අමාරු බංගලි තනතිරු වල සුපිරියට රොශේන්ගේ ඉනිම මෙන්න තවත් සුපිරි සිල්වා කෙනෙක් බිහි වෙලා නේද VIDEO
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩකාහී මීර්පූර් නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයට තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක‍්‍ර‍්‍රීඩා කරනශ‍්‍රී ලංකා කණ්ඩායම කඩුලූ 08ක් දැවී ලකුණු 200ක් ලබා සිටියේය.ඒ අනූව බංගලාදේශ කන්ඩායමට වඩා ශ‍්‍රී ලංකා පිළ කඩුලූ 02ක් අතැතිව ලකුණු 312ක් ඉදිරියෙන් සිටියි.
ශ්රී ලංකා පළමු ඉනිමේ නැංගුරම වූ රොශේන් සිල්වා මෙම ඉනිමේදි විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් දිනය නිමා කරන විට සිය තුන්වැනි අර්ධ ශතකය රැස් කරමින් ලකුණු 58ක් හා සුරංග ලක්මාල් ලකුණු 7ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටිතිමෙම තණතීරුවේ පිත්කරුවන්ට ලකුණු ලබාගැනීමට ඉතා අසීරු තත්ත්වයක් පවතින අතර දිවා ආහාරය සහ තේ පානය අතර පැය දෙකක කාළය තුළ පන්දුවට පහරදුන් දිමුත් කරුණාරත්න පන්දු 88 කට මුහුණදෙමින් රැස්කිරීමට හැකිවූයේ ලකුණු 23 ක් පමණි.
තේ පානයෙන් පසු දිමුත් කරුණාරත්න ලකුණු 32ක්ව සිටියදී දැවී ගිය අතර ඉන් පසු පිටියට එක්වූ රොශෙන් සමග පස්වැනි කඩුල්ලසදහාලකුණු51ක සම්බන්ධතාවක් පිහිටුවීමට දිනේෂ් චන්දිමාල් සමත්වියචන්දිමාල් ලකුණු 30ක් ලබා සිටියදී මෙහෙදි හසන්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගිය අතර ඒ වන විට හතරේ පහර 03ක් ඉනිමට එක් කොට තිබුණි.
චන්දිමාල් දැවී යාමෙන් අනතුරුව ශ‍්‍රී ලංකා කන්ඩායමේ අනෙක් පිතිකරුවන් පිටියේ රැදීසිටිමටඅවස්ථාවක්නොදුන්බංගලාද්ශ පන්දු යවන්නන් නිරෝෂන් දික්වැල්ල 10 දිල්රුවන් පෙරේරා(7) හා අකිල ධනංජය(0) දවා ගනිමින් ශ‍්‍රී ලංකා කණ්ඩායම දැඩි පීඩනයකට ලක් කළේය පළමු ඉනිමේ අර්ධ ශතකයක් රැස් කළ කුසල් මෙන්ඩිස් ට දෙවැනි ඉනිමේ සාර්ථක වීමට බංගලාදේශ පන්දු යවන්නන්ගෙන් ඉඩ නොලැබුණු අතර රැස්කර ගත හැකි වූයේ ලකුණු 07ක් පමනි.
ධනංජයද සිල්වා වේගවත් ඉනිමක් දියත් කරමින් හතරේ පහර 05ක් සමගින් ලකුණු 28ත් රැුස් කළ අතර තයිජුස් ඉස්ලාම්ගේපන්දුවක්කෙලින්මකඩුල්ලේවැදීමෙන්දැවි ගියේයපන්දු යැවීමේදී බංගලාදේශ කණ්ඩායම වෙනුවෙන් මුස්තාෆිසර් රෙහෙමාන් කඩුලු 03ක් දවා ගැනීමට සමත් වූ අතර තයිජුල් ඉස්ලාම් හා මෙහෙදි හසන් කඩුලු 02බැගින් බිද හෙළුහ.
තරගයේ පළමු දිනයවූ ඊයේ දිවා ආහාරය තෙක් කාළය තුළ ලකුණු 105 ක් සහ දිවා ආහාරයෙන් පසුව තේ පානය තෙක් කාළය තුළ ලකුණු 100 ක් රැස්කිරීමට පිතිකරුවන් සමත්වූ අතර තේ පානයෙන් පසුව දිනය නිමාවන තෙක් රැස්කිරීමට හැකිවූයේ ලකුණු 73 ක් පමණි. කෙමෙන් කෙමෙන් ලකුණු ලබාගැනීමේ වේගය අඩාල වන අතර අද දින දිවා ආහාරයට පෙර කාළය තුළ ලකුණු 63 ක් රැස්කළ අතර දිවා ආහාරය සහ තේ පානය අතර කාළය තුළ රැස්කිරීමට හැකිවූයේ ලකුණු 78 ක් පමණි.
දක්ෂ පන්දු යැවීමක නිරතවූ ශ්‍රී ලංකා පන්දු යවන්නන් අවසන් කඩුලු 5 ලකුණු 3 ක් තුළ දවාගැනීම හේතුවෙන් බංග්ලාදේශයට සියලුදෙනාදැවීපළමු නිමේදීරැස්කිරීමට හැකිවූයේ ලකුණු 110 ක් පමණි. ඒ අනුව බංග්ලාදේශය පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 112 ක් ඉදිරියෙන් සිටීමට ශ්‍රී ලංකාවට හැකිවිය.
ඊයේ දිනය නිමාවනවිට ලකුණු 56 කට කඩුලු 4 ක් අහිමිකරගෙන සිටි බංග්ලාදේශය අද දිවා ආහාරයට තවත් මිනිත්තු 25 පමණ ඉතිරිව තිබියදිත් එක්කඩුල්ලක්අහිමිව ලකුණු 51 ක් රැස්කරමින් කඩුලු ආරක්ෂා කරගැනීමට සමත්විය. නමුත් නොසිතු අයුරුන් මංගල තරගයට ක්‍රීඩාකරන අකිල ධනංජය මංගල කඩුල්ල ලෙස බංග්ලාදේශ නායක මහමදුල්ලා ලකුණු 17 කට දවාගනිමින් කඩුලු දඩයම ඇරඹීමත් සමගින් තරගය උඩුයටිකුරු විය.
ඊයේ බංග්ලාදේශ ඉනිමේ කඩුලු 4 ක් දැවී යාමෙන් පසුව මුරකරු පිතිකරු ලෙස පන්දුවට පහරදීම සදහා පැමිණි මෙහෙදි හසන් සමගින් එක්ව හයවැනි කඩුල්ල සදහා ලකුණු 34 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට මහමදුල්ලා සමත්විය ඉනිම නිමාවන තෙක් කඩුල්ලේ රැඳී සිටි මුරකරු පිතිකරුවා ලකුණු 38 ක් රැස්කරමින් බංග්ලාදේශඉනිමේවැඩිම ලකුණු රැස්කළ පිකිකරුවා බවට පත්විය.
Lමහමදුල්ලා දැවීයාමෙන් පසුව පිටියට පිවිසි සබීර් රහ්මාන්ට මුහුණ දිමට හැකිවූයේ පන්දු තුනකට පමණි අකිල ධනංජය යැවූ පන්දුවකට ලබාදුන් උඩපන්දුව දිනේෂ් චන්දිමාල් විසින් දක්ෂ පන්දු රැකීමක නිරත වෙමින් රැකගැනීම හේතුවෙන් සබීර් රහ්මාන්ට ලකුණු ලබාගැනීමට පෙර පිටියෙන් ඉවත්වීමට සිදුවිය.
නැවතත් ක්‍රියාත්මකවූ අකිල ධනංජය සිය තෙවැනි කඩුල්ල ලෙස තමන් යැවූ පන්දුවකට නැවතලබාදුන්උඩපන්දුව රැකගැනීමත් සමගින් බංග්ලාදේශ අටවැනි කඩුල්ල ලෙස අබ්දූර් රසාක් දැවී ගියේයසිලි-පොයින්ට්හි පන්දු රකිමින් සිටි කුසල් මෙන්ඩිස් කඩුල්ල වෙත ඉක්මන් පන්දු යොමුකිරීමක් හේතුවෙන් ඩිල්රුවන්පෙරේරාගේපන්දුවකටඉදිරියට පැමිණ පන්දුවට පහරදුන් තයිජුල් ඉස්ලාම්ට නැවතත් සිමා ඉර වෙත නැවත යෑමට අවස්ථාවක් හිමිනොවීය.
අවසන් කඩුල් ලෙස පන්දුවට පහරදීමට පැමිණි මුස්ටෆිසුර් රහමාන් මුහුණදුන් පළමු පන්දුවෙන්ම කඩුල් මුවා කළේ යැයි ඩිල්රුවන් පෙරේරා කළ ඉල්ලීමට ප්‍රතිචාරදැක්වූ ප්‍රධාන විනිසුරුවරය ඔහු දැවී ගිය බවට තීරණය කළේය. ඉන් සෑහිමකට පත්නොවූ මුස්ටෆිසුර් රහමාන් විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය වෙත යෑමට අවස්ථාව ඉල්ලා සිටි අතර පුණරූපන නැරඹු තෙවැනි විනිසුරු විසින් ප්‍රධාන විනිසුරුගේ තීරණය සමගින් එකඟ වෙමින් ඔහු දැවී ගිය බවට තීරණය කළේය.
මෙහෙදි හසන් සමගින් එක්ව පස්වැනි කඩුල්ල සදහා ලකුණු 28 ක සම්බන්ධතාවයක් පැවැත්වූ ලිටන් දාස් අද දින පළමු කඩුල්ල ලෙස සුරංග ලක්මාල්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ලකුණු 25 කට දැවී ගියේය.

Comments
Post a Comment